කොයිඩ් 19 වසංගත තත්වය හමුවේ නිදහස් සේවක සංගමය

දෙපාර්ශවයටම එකවිය හැකි ගිවිසුමකට එළඹෙයි

 

ආයතනය:     ඇමරිකන් එෆර්ඩ් ප්‍රයිවට් ලිමිටඩ්

වර්ෂ 3 කට වරක් ආයතනය හා නිදහස් සේවක සංගමය සේවක සහන සැලසීම මුල්කොට ගෙන සාමූහික ගිවිසුම් අත්සන් කිරීම සම්ප්‍රදායානුකූලව කරගෙන එන්නෙකි. දෙපාර්ශවයම එක්ව සාකච්ඡා වාර කිහිපයක් පවත්වමින් සාමූහික කේවල් කිරීමකින්(Collective Bargaining) යුක්තව මෙම කාර්යයෙහි නිරත වූහ.

එහෙත් මෙම වර්ෂයේ දිවයින තුලට බලපෑ කොයිඩ් 19 වසංගත තත්වය නිසා සේවකයෝ වඩාත් අසරණ තත්වයකට පත්වූහ. කෙසේ වෙතත් අපේක්ෂිත නිෂ්පාදනය හා ඇණවුම් නොලැබීම නිසා ආයතනත් රැකියාවේ අවදානම හා ආදායම් තත්වය අඩු මට්ටමකට පත්වු ‍ සේවකයොත් මෙම තත්වය හමුවේ අසරණ වූහ.

කෙසේ වෙතත් නිරන්තරයෙන් සේවකයින් සඳහා උපරිමයෙන් කැපවීම් කරන ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය 2020 සාමූහික ගිවිසුම අත්සන් කිරීමටද ආයතනය පොළඹවමින් 40% ක ඉතා සතුටුදායක වැටුප් වැඩිවීමක් ලබාදීමට  පියවර ගත්හ.

එහිදී ගිවිසගත් එකඟතාවය:

  • 1 වෙනි වර්ෂය 15% ක වැටුප් වැඩිවීමක්
  • 2 වෙනි වර්ෂය රැපියල් 4000/= ක වැටුප් වැඩිවීමක්
  • 3 වෙනි වර්ෂය රැපියල් 4000/= ක වැටුප් වැඩිවීමක්

රටේ මෙවැනි තත්වයක් හමුවේ අත්සන් කෙරුනු මෙම සාමූහික ගිවිසුම ඇමරිකන් එෆර්ඩ් ආයතනය අප වෘත්තීය සමිතියේ ඉතිහාසගත ජයග්‍රහණයක් බව සේවක මතයයි.

August 14, 2020
slnss_icon

කොයිඩ් 19 වසංගත තත්වය හමුවේ නිදහස් සේවක සංගමය දෙපාර්ශවයටම එකඟවිය හැකි ගිවිසුමකට එළඹෙයි

කොයිඩ් 19 වසංගත තත්වය හමුවේ නිදහස් සේවක සංගමය දෙපාර්ශවයටම එකඟවිය හැකි ගිවිසුමකට එළඹෙයි   ආයතනය:     ඇමරිකන් එෆර්ඩ් ප්‍රයිවට් ලිමිටඩ් වර්ෂ 3 කට වරක් ආයතනය හා […]
July 3, 2020

නිදහස් සේවක සංගමයේ මැදිහත්වීමෙන් වොලන්කා ආයතන‍යේ යෝජිත අමානුෂික වැටුප් කප්පාදුව සහ ඉලක්ක එම ආයතනය විසින් හකුලා ගනී

නිදහස් සේවක සංගමයේ මැදිහත්වීමෙන් වොලන්කා ආයතන‍යේ යෝජිත අමානුෂික වැටුප් කප්පාදුව සහ ඉලක්ක එම ආයතනය විසින්  හකුලා ගනී රට තුල මේවන විට පැන නැගී ඇති කොරෝනා වෛරස […]
July 3, 2020
PM-minister_1

ගරු අගමැතිතුමන්හට ඉදිරිපත් කළ පෞද්ගලික අංශයේ රාජකාරී වේලාවන් වෙනස් කිරීම සඳහා ඉදිරිපත් වී ඇති යෝජනාව

June 22, 2020
IMG-20200703-WA0004

කොරෝනා උවදුර මර්ධනය කිරීම වෙනුවෙන් අප සංගමයේ සාමාජික මුදලින් ජනාධිපති අරමුදලට දුන් රුපියල් මිලියන 5ක පරිත්‍යාගය වෙනුවෙන් අතිගරු ජනාධිපති තුමාගෙන් ලැබුනු ප්‍රතිචාරය