ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය මාර්තු මස 08 වන දිනට යෙදී තිබුනු ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් 2021 මාර්තු මස 13 වෙනි දින පොල්ගහවෙල, ඊදැල්ල වත්ත ඔරෙන්ජ් ග්‍රෝව් කොටසේදී තම කාන්තා සාමාජිකාවන් සඳහා මුල්‍යාධාර පිරිනැමීමේ උත්සවයක් පැවත්වීය.

 

1 පොල්තෙල් පහන දල්වමින්

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගම‍යේ ගරු ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මැතිතුමන්ගේ සහ සංගම‍යේ කාන්තා අංශයේ නිළධාරිනියන්ගේ සහභාගිත්වයෙන් ඊදැල්ල වත්තේ අඩු ආදායම් ලාභී කාන්තා සාමාජිකාවන් දසදෙනෙකුට තම නිවාස පිළිසකර කර ගැනීම සඳහා  මුල්‍යාධාර පිරිනැමීමත් තවත් කාන්තා සාමාජිකාවන් දසදෙනෙකුට වියළි ආහාර ද්‍රව්‍ය පිරිනැමීමත් කරන ලදී.

එහිදී ප්‍රධාන ලේකම්තුමන් පවසා සිටියේ කොළඹ සුඛෝපභෝගී උත්සව ශාලාවල ලක්ෂ ගණන් වියදම් කරමින් සංදර්ශන පවත්වමින් ජාත්‍යන්තර කාන්තා දිනය සමරන සමාජ සංස්කෘතියෙන් බැහැරව අප විසින් මේ ආකාරයෙන් කාන්තා දිනය සමරනු ලබන්නේ ජීවිතය ගොඩගන්න මහ පොළව සමඟ පොරබදින  අහිංසක වතු කම්කරු කාන්තාවෝ උදෙසා පිදෙන ගෞරවනීය උපහාරයක් ලෙසින් බවය.

මෙම උත්සවයට සහභාගී වු සහකාර වතු අධිකාරී මහතාද පවසා සිටියේ මෙවන් උදාර වැඩ සටහන් තුලින් දිරිය කාන්තාවන් බිහි කළ හැකි බවය.

 

2

ප්‍රධාන ලේකම්තුමන් සභාව අමතමින්

 

3

මුල්‍යාධාර පිරිනමමින්

 

4

සැමරුමට සහභාගිවූවෝ

March 16, 2021
IMG-20210313-WA0019

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය ජාත්‍යන්තර කාන්තා දිනය වර්ණවත් කරමින් වතු කම්කරු නිවාස පිළිසකරයට මුල්‍යාධාර පිරිනමයි.

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය මාර්තු මස 08 වන දිනට යෙදී තිබුනු ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් 2021 මාර්තු මස 13 වෙනි දින පොල්ගහවෙල, ඊදැල්ල වත්ත ඔරෙන්ජ් […]
February 28, 2021
2

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සාමාජිකයින් ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් සම්මත කර ඇති වැඩපලෙහි සිදුවන ප්‍රචන්ඩත්වය හා හිංසනයට අදාල C-190 ප්‍රඥප්තිය පිළිබඳව දැනුවත් වු වගයි.

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය සහ සොලිඩරිටි ආයතනය ඒකාබද්ධව “Awareness on Gender Based Violence and Harassment at Work Place and related to Action on Ratifying ILO […]
November 18, 2020
Capture

පෞද්ගලික අංශයේ සේවකයින්ගේ විශ්‍රාමයාමේ වයස 60 දක්වා දිර්ග කිරීම අප සංගමය ලැබූ ජයග්‍රහණයක්

November 16, 2020
20200920_153427

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය සහ සොලිඩරිටි ආයතනය ඒකාබද්ධව ශ්‍රම සංක්‍රමණිකයිනට සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයිනට “සුරක්ෂිත හෙටක්” තනන්නට වෙරදරයි

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය සහ සොලිඩරිටි ආයතනය ඒකාබද්ධව ශ්‍රම සංක්‍රමණිකයිනට සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයිනට “සුරක්ෂිත හෙටක්” තනන්නට වෙරදරයි ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය සොලිඩරිටි ආයතනය සමග […]