SLNSS

පසුගිය දිනක කම්කරු දෙපාර්තමේන්තුව විසින් වෘත්තීය සමිති නියෝජිතයින් වෙත ප්‍රශ්ණාවලියක් ඉදිරිපත් කරන ලදුව එම ප්‍රශ්ණාවලියට ගරු ප්‍රධාන ලේකම්තුමන් මෙසේ පිළිතුරු සපයනු ලැබීය.

                     ප්‍රශ්ණ                                             පිළිතුරු

01 ආයතන කාර්මික සම්බන්ධතාවය සුරක්ෂිත කිරීම කෙරෙහි බලපාන සාධක මොනවාද? සේව්‍ය සේවක දෙපාර්ශවය විසින්ම කම්කරු නීති පිළිපැදීම.

සේව්‍ය සේවක සම්බන්ධතාවය ගොඩනැගීම.

02 සේව්‍ය සේවක සම්බන්ධතාවය ඒ සහා කෙබු බලපෑමක් කරන්නේද? සේව්‍ය සේවක සම්බන්ධතාවය අපේ රටේ පවතින්නේ එදිරිවාදී පදනමක් මතය. එය වෙනස් කිරීම සහා සමාජ සංවාදය දියුණු කිරීම අතිශයින්ම වැදගත් වෙනවා. තම එදිරිවාදියා සම වුවත් විවෘත මනසකින් එකට වාඩිවී සංවාදයක් අරඹන්නේ නම් එය අනෝන්‍ය විශ්වාසය ගොඩනැගීම හා ඉතාම වැදගත් සාධකයක් වෙනවා.
03 මෙරට නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ සේව්‍ය සේවක යුතුකම් හා වගකීම් ක්‍රියාත්මකවීම පිළිබව ඔබේ අදහස කුමක්ද? මෙම ප්‍රශ්නය නිෂ්පාදන ක්ෂේත්‍රයට පමණක් නොව සෑම ක්ෂේත්‍රයකටම බලපාන කරුණක්. සේව්‍ය සේවක යුතුකම් පිළිබඳ අවබෝධයක් නොමැති නම් අනිවාර්යයෙන්ම ඒ ක්ෂේත්‍රයේ ඵලදායීතාවය අඩුවෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ක්ෂේත්‍රය පාඩු ලබන තත්වයට පත්වී සේව්‍ය සේවක දෙපාර්ශවයටම අහිතකර ලෙස බලපානවා.
04 ආයතන සම්බන්ධතාවය පවත්වාගෙන යාම සහා සේව්‍ය පාර්ශවයෙන් ලැබෙන දායකත්වය කෙබුද? සේව්‍යා සෑමවිටකම සේවකයින්ගේ ප්‍රශ්ණ සහ දුක්ගැනවිලි ගැන විමසිල්ලෙන් සිටිය යුතුය. එවැනි ප්‍රශ්ණ තමාට යොමුවූ විට එය කරදරයක් හෝ හිරිහැරයක් ලෙස නොසලකා හැකි සෑම ප්‍රශ්ණයකටම විසුමක් ලබාදීමට උත්සාහ කළ යුතුය.
05 ඒ සහා සේවක පාර්ශවයෙන් ලැබෙන දායකත්වය පිළිබව ඔබේ අදහස කුමක්ද? සේවක පාර්ශවය සහ ඔවුන්ට නායකත්වය දෙන වෘත්තීය සමිති පළමුවෙන්ම සාකච්ඡාවෙන් හා සම්මුතියෙන් ප්‍රශ්න විසාගැනීමට උත්සාහ කළ යුතුය. මේ අන්දමින් විසුම් ලබාගැනීමේ ඇති වැදගත්කම පිළිබව සාමාජිකත්වය දැනුවත් කළ යුතුය. වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීම අවසාන අවිය බව අවබෝධ කරගත යුතුය.
06 වැඩබිමක කාර්මික සම්බන්ධතාවය බිවැටීමට බලපාන හේතු මොනවාද? ප්‍රධාන වශයෙන් හේතුවන්නේ ආයතනය තුල සමාජ සංවාදයක් (Social Dialogue) නොමැතිකමයි. මෙය ගොඩනැගීම තරමක් අසීරු වුවත් කෙසේ හෝ මෙය ආරම්භ කළ යුතුය. මෙම වගකීම සේව්‍ය සේවක දෙපාර්ශවයටම පැවරේ.
07 ලංකාවේ නිෂ්පාදන ක්ෂේත්‍රය හා සම්බන්ධ වැඩ පරිසරය තුළ දැනට සේවක අයිතීන් සුරක්ෂිතවී තිබේද? සමස්තයක් වශයෙන් ගත්විට එය එසේ යැයි කිව නොහැක. විශේෂයෙන් ඇලුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ සේවක ප්‍රශ්න පිළිබව බොහෝ හාම්පුතුන් දක්වන්නේ දැඩි එදිරිවාදී ප්‍රතිපත්තියකි. තමන් කැමති වෘත්තීය සමිතියකට බැීමට ඇති අයිතිය පවා ඔවුන් නොයෙක් ක්‍රම වලින් වලක්වා ඇත. මේ තත්වය යටතේ සේවකයින්ට සාමූහිකව තම ප්‍රශ්න  පිළිබව හක් නැගීමට ඇති අයිතිය ලබාදී නැත.
08 සේවක අයිතීන් රැකගැනීම සහා වෘත්තීය සමිතිවල කාර්ය්‍ය භාරය කුමක්ද? මේ සහා වෘත්තීය සමිතිවලට විශාල කාර්යභාරයක් ඉටුකිරීමට සිදුව ඇත.අවාසනාවකට හාම්පුතුන්ගේ බලපෑම් නිසා වෘත්තීය සමිතිවලට තමන්ගේ පැවත්ම සහා සටනක් දීමට සිදුවී ඇත. සේව්‍ය පාර්ශවය දක්වන එදිරිවාදී ආකල්පයේ වෙනසක් වන්නේ නම් වෘත්තීය සමිතිවලට මීට වඩා වැදගත් කාර්ය්‍යභාරයයක් ඉටුකිරීමට හැකියාව ඇත.
09 සේවක අයිතීන් දිනාගැනීම සහා වෘත්තීය ක්‍රියාමාර්ග වලින් ලැබෙන දායකත්වය කෙබුද? තමන්ගේ අයිතිවාසිකම් දිනාගැනීම සහා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වල යෙදීමට ඇති අයිතිය ජාත්‍යන්තරව හා මේ රටේ කම්කරු නීති මගින් තහවුරුවූ අයිතියකි. නමුත් මේ අයිතිය ඉතාමත් වගකීමෙන් යුතුව පාවිච්චිකිරීම වෘත්තීය සමිති සතු යුතුකමකි. නමුත් සමහර අවස්ථාවන්හිදී මේ අයිතිය වගකීමෙන් තොරව පාවිච්චිකරන අවස්ථාද නැත්තේ නොවේ.මෙවැනි තත්වයක් ඇතිවීම වැලක්වීම සහා සේවක පාර්ශවයට මෙන්ම සේව්‍ය පාර්ශවයට ද වගකීම පැවරේ.
10 උද්ගතව ඇති Covid 19 වසංගත තත්වය හමුවේ වෘත්තීය අයිතීන් දිනාගැනී‍මේ  ක්‍රියාමාර්ගවල සිදුවිය යුතුයයි ඔබ සිතන වෙනස්කම් මොනවාද? Covid 19 වසංගතය හමුවේ අප සියළු දෙනාම ප්‍රශ්ණ දෙස බලන ක්‍රමය වෙනස්විය යුතුය. විශේෂයෙන් ක්ෂණික වැඩවර්ජන වැනි ක්‍රියාවලින් වැලකී සිටීම යෝග්‍ය වේ. එහෙත් සමහර හාම්පුතුන් Covid තත්වය උපයෝගී කරගනිමින් සේවකයින් තලා පෙලා වැඩ ගැනීමට පෙළී ඇත. මෙවැනි සිද්ධීන් පිළිබව අධිකරණ ක්‍රියාමාර්ග පවා ගැනීමට සිදුවූ අවස්ථා බොහෝය. නමුත් මෙය මුළු ලෝකයම වෙලාගෙන ඇති ප්‍රශ්ණයක්. මේ රටේ ප්‍රධාන වෘත්තීය සමිති, හාම්පුතුන් හා කම්කරු අමාත්‍යාංශය ත්‍රෛපාර්ශිකව ගත් තීරණ කිහිපයක් නිසා  Covid 19 හේතුවෙන් සේවකයින් දස දහස් ගණනකගේ රැකියා අහිමිවීම වලක්වා ගැනීමට හැකිවිය.

අතිරේක ප්‍රශ්ණ

  ශ්‍රී ලංකාවේ සේවක අයිතීන් සුරක්ෂිත කිරීමට කම්කරු දෙපාර්තමේන්තුවෙන් ලැබෙන දායකත්වය පිළිබව ඔබේ අදහස? දෙපාර්තමේන්තුවේ සමහර අංශ කම්කරු නීති ක්‍රියාත්මක නොකරන හාම්පුතුන් සම්බන්ධයෙන් ධනාත්මකව ප්‍රතිචාර දක්වා ඇත. එහෙත් සමහර අංශ අමු අමුවේ සේවකයින් දඩයම් කරන හාම්පුතුන්ට ගැලවීයාමට ඉඩදී ඇති අවස්ථා එමටය. සමහර නිළධාරීන් කම්කරු ඇමතිවරයාගේ නියෝග පවා නොසලකා හැර ඇති අවස්ථා ද ඇත. එමනිසා සමස්ථයක් වශයෙන් කම්කරු දෙපාර්තමේන්තුවේ දායකත්වය පිළිබව සෑහීමකට පත්විය නොහැක.
  ලෝකයේ සෙසු රටවලට සාපේක්ෂව මෙරට සේවක අයිතීන් සුරක්ෂිත වන ආකාරය පිළිබව ඔබේ අදහස? ලෝකයේ දියුණු රටවල ඉතා ශක්තිමත් වෘත්තීය සමිති ව්‍යාපාර පවතින නිසා සේවක අයිතීන් සුරක්ෂිතවීම සාර්ථක මට්ටමක පවතී.

 

එහෙත් ආසියාව අප්‍රිකාව වැනි රටවල වෘත්තීය සමිති ව්‍යාපාර පවතින්නේ සාපේක්ෂව ඉතා දුර්වල මට්ටමකය. මෙහිදී කම්කරු දෙපාර්තමේන්තුව සෑහෙන සේවයක් කරන අතර වෘත්තීය සමිති ඇති ආයතනවල හා ක්ෂේත්‍රවල ඔවුන්ගේ කේවල් කිරීමේ ඇති ශක්තිය නිසා සේවක අයිතීන් ආරක්ෂා වී ඇත.

 

June 4, 2021

කම්කරු දෙපාර්තමේන්තු ප්‍රශ්ණාවලියට පිළිතුරු

පසුගිය දිනක කම්කරු දෙපාර්තමේන්තුව විසින් වෘත්තීය සමිති නියෝජිතයින් වෙත ප්‍රශ්ණාවලියක් ඉදිරිපත් කරන ලදුව එම ප්‍රශ්ණාවලියට ගරු ප්‍රධාන ලේකම්තුමන් මෙසේ පිළිතුරු සපයනු ලැබීය.                      ප්‍රශ්ණ                                             පිළිතුරු […]
May 12, 2021

මෙවරත් නඩුවේ ජයග්‍රහණය ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයටයි

වර්ෂ 11ක් වස්කඩුව තූර්ය්‍යා හෝටලයේ සේවය කරමින් සිටි මධුසංඛ විතානගේ මහතා 2016 වර්ෂයේදී අසාධාරණ ලෙස සේවයෙන් පහ කිරීමට එම කළමණාකාරිත්වය කටයුතු කර තිබූ අතර ශ්‍රී ලංකා […]
May 11, 2021
4

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ 09 වන නියෝජිත සම්මේලන‍යේදී ඉතිහාසයට කඩ ඉමක් එක්වෙයි.

2021 අ‌ප්‍රේල් මස 05 වන දින කොස්වත්ත  ග්‍රෑන්ඩ් සෝලීස් හෝටලයේදී ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ 09 වන නියෝජිත සම්මේලනය ඉතිහාසයට කඩඉමක් එක්කරමින් ගාම්භීර පූර්වකව පවත්වන ලදී. […]
May 3, 2021

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මහතා සිදු කළ මැයි දින ප්‍රකාශය

https.//www.youtube.com/watch