
වර්ෂ 11ක් වස්කඩුව තූර්ය්‍යා හෝටලයේ සේවය කරමින් සිටි මධුසංඛ විතානගේ මහතා 2016 වර්ෂයේදී අසාධාරණ ලෙස සේවයෙන් පහ කිරීමට එම කළමණාකාරිත්වය කටයුතු කර තිබූ අතර ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය ඔහු වෙනුවෙන් ඉදිරිපත්ව තූර්ය්‍යා හෝටලයේ කළමණාකාරිත්වයට එරෙහිව කළුතර කම්කරු විනිශ්චය සභාවේ නඩුවක් පවරන ලදී.
නඩු විභාගයේදී මෙම ක්‍රියාව අසාධාරණ ලෙස සේවයෙන් ඉවත් කිරීමක් බව ගරු මහේස්ත්‍රාත්තුමන් නිගමනය කරන ලදුව ඔහුට හිමි හිඟ වැටුප් රුපියල් 206250/- ක් ගෙවන ලෙස තූර්ය්‍යා හෝටල් කළමණාකාරිත්වයට නියෝග කරන ලදී.
මෙම නඩුවේ නීතිඥ ගාස්තු ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය දැරූ අතර මෙම නඩු තීන්දුවෙන් සතුටට පත් මධුසංඛ සංගමයේ ගරු ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මහතාට, පුද්ගලික අංශයේ ලේකමි ඩබ්ලිව්. කේ. පියරත්න මහතාට සහ නිදහස් සේවක සංගමයට සිය ප්‍රණාමය පුද කරන ලදී.