සර්ව පාක්ෂික එකමුතු වීමකින් බිඳී ගිය දේශය යළි ගොඩනඟමු

අපේ මැයි දිනය
May 27, 2022
NIDAHASA
“නිදහස” අපේ නිවාඩු නිකේතනය
May 15, 2023

සර්ව පාක්ෂික එකමුතු වීමකින් බිඳී ගිය දේශය යළි ගොඩනඟමු

news paper

රටේ මතුවී ඇති ආර්ථික අර්බුදකාරී ව්‍යාකූලත්වය මත සමස්ත ජනතාවම පීඩාවට පත්වී සිටිති. ජීවත්වීමට ඉතාමත් අපහසු ජීවන බරක් උර මත පටවාගෙන  ජනතාව දුක් විිති. 500% කට වඩා වැඩිවී තිබෙන ජීවන වියදමත් දරා ලත නොහැකිව  මහජනතාව දිනෙන් දින අදෝනා කියති. මැසිවිලි නඟති.

බැලූ – බැලූ සැම දෙසම හැම තැනම තෙල් පෝලිම් හා ගෑස් පෝලිම්ය. පෝලිම්වලට එක්රැස්වී සිටින ජනතාවද උනුනුන් කුලල් කා ගනිති. තම තමන්ගේ පවුල්වල ජීවන කටයුතු පසෙක තබා, දරුවන් පාසැල් වෙත යැවීම පසෙකලා මහජනතාව දින ගණන් නිදි මරාගෙන තෙල් පෝලිම් වලය. රටේ අධ්‍යාපන කටයුතු අඩාළ වී ඇත. අධ්‍යාපන කටයුතු සතියට දින 3 කට සීමා වී ඇත. දුම්රියවල බස්රියවල ගමන් කරන මහජනතාවට සිදු වී ඇත්තේ වාහනවල වහල මතට නැඟ ගෙන හෝ තමන්ගේ ගමනාන්තය නිමා කිරීමටය.

රට තුළ මධ්‍යම පන්තියක් පෙනෙනනටවත් නැත. අත්‍යවශ්‍ය බෙහෙත් හිඟය. තිබුනත් අධික මිල ගණන් නිසා සාමාන්‍ය මහජනතාවට මිලදී ගත නොහැකිය. රෝහල්වල රෝගීන් දුක් ව්ඳිති.

වහ වහාම දේශපාලන පක්ෂ වශයෙන් එකිනෙකාගේ මතිමතාන්තර විරසකවීම පසෙක ලා සියළු දේශපාලන පක්ෂ තම තමන්ගේ න්‍යායන් මොහොතකට අමතක කර බිඳුණු දේශය කෙසේ හෝ නැඟිටුවා ගන්නට සර්ව පාක්ෂික එකමුතුවක් වහාම අවශ්‍ය බව නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රටටම පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටී.

අපි කැමති වුවත් නැතත් කෙසේ  වෙතත් වසර 2 ½ ක ඉදිරි කාලය සඳහා නව ජනාධිපතිවරයෙක් පාර්ලිමේන්තුව විසින් තෝරා පත්කරගෙන ඇත. මේ සම්බන්ධව “ අරගලයට අපෙන් විසඳුම්” යන තේමාව යටතේ සංගමය රටටම පණිවිඩයක් නිකුත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *