2021 අ‌ප්‍රේල් මස 05 වන දින කොස්වත්ත  ග්‍රෑන්ඩ් සෝලීස් හෝටලයේදී ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ 09 වන නියෝජිත සම්මේලනය ඉතිහාසයට කඩඉමක් එක්කරමින් ගාම්භීර පූර්වකව පවත්වන ලදී.

ගරු ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර සහෝදරයා මුලසුන හෙබවූ අතර ගරු හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති සහ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගම‍යේ හිටපු සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දයාසිරි ජයසේකර මහතා, වාරිමාර්ග කැබිනට් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සහ සමුපකාර සේවා සහ අලෙවි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සහ පොදුජන පෙරමුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් බෙත්මගේ යන මැති ඇමතිවරු ඇතුළුව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගම‍යේ විධායක සභාව සහ දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් ශාඛා නිළධාරීන් 200 ක් පමණ මෙම අවස්ථාවට පැමිණ සිටියහ.

එය අදියර දෙකකින් සමන්විත වූ අතර පළමු අදියරයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පැමිණි මැති ඇමතිවරුන්ගේ අදහස් දැක්වීම සිදුවිය. දෙවන අදියරයේදී  2018 අ‌ප්‍රේල් මස 11 වන දින විශේෂ මහ සභා රැස්වීමෙන් ස්වාධීනත්වයට පත්  වු ශ්‍රී ලංකා නිදහස් සේවක සංගම‍යට ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය විසින් අනුබද්ධ සංවිධානයක් ලෙස නැවත එක්වීමට කළ ආරාධනය වෙනුවට තම ස්වාධීනත්වය රැකගනිමින් වෘත්තීය සමිති ඉතිහාසයේ පළමු වරට අවබෝධතා ගිවිසුමක් මගින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වීමට යෝජනා සම්මත විය.

එමෙන්ම පහත ආකාරයට සංගමයේ ව්‍යවස්ථාව සංශෝධනය කර සම්මත කරගන්නා ලදී.

නාමය

සංගම‍යේ නම එසේම පවත්වාගෙන යාමටත් එදිනෙදා කටයුතු වලදී “නිදහස් සේවක       සංගම‍ය” යනුවෙන් භාවිතා කිරීමටත් සංගම‍යේ ඒකමතික තීරණය පළවිය.

සාමාජිකත්වය දැරීම04(අ) වගන්තිය

වෘත්තීය සමිති කිහිපයක් නියෝජනය කරන සාමාජිකයකුට සංගම‍යේ සාමාජිකත්වය දැරිය හැකි වුවත් සංගම‍යේ කිසිදු නිළවරණයකදී ඡන්දය භාවිතා කිරීමට නොහැකි බව සභාවේ කැමැත්ත අනුව තීරණය කරන ලදී.

සාමාජික මුදල – 05(අ) වගන්තිය

සුභ සාධක අරමුදල පවත්වාගෙන යාම ඉතාමත් අපහසු කාර්යයක් වි ඇති හෙයින් දැනට අයකරන රුපියල් 100/= සාමාජික මුදල රුපියල් 150/= දක්වා වැඩිකිරිමට එකඟත්වය සහ සාමාජික යැපෙන්නන් සඳහා දැනට ගෙවනු ලබන රුපියල් 10000/= මරණාධාර මුදල රුපියල් 15000/= දක්වා වැඩිකිරීමටත් සභාවේ අනුමැතිය ලැබුනි.

සභාපතිවරුන් සහ ලේකම්වරුන් පත්කිරීම – 08(අ) ii වගන්තිය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනු සංවිධානයක් වශයෙන් පක්ෂයට පැවති සංගමයේ සම්භන්ධතාවය ස්වාධීන වෘත්තීය සංගමයක් වීමෙන් පසු ඉවත්වී ඇති බවත් ඒ අනුව සභාපති විසින් දස දෙනෙකු විධායක සභාවට පත් කිරීමේ බලය ඉවත්වී විධායක සභාවේ අනුමැතියට යටත්ව ප්‍රධාන ලේකම් විසින් එම දස දෙනා විධායක සභාවට පත් කිරීමට සභාවේ ඒකමතික අනුමැතිය ලැබුනි.

ධූර කාලය10(ආ) වගන්තිය සහ 19 වගන්තිය

සංගමයේ සංවත්සරයේ ධූර කාලය වාර්ෂික වෙනුවට ත්‍රෛවාර්ෂික යනුවෙන් එම වගන්තියට ආදේශ කිරීමටද සභාවේ අනුමැතිය ලැබුනි.

සුළු මුදල් අග්‍රිමය – 22(අ) වගන්තිය සහ 22(ඉ) වගන්තිය

සංගමයේ සුළු මුදල් අග්‍රිමය පවතින වියදම් වලට ප්‍රමාණවත් නොවන හෙයින් රුපියල් 100000/= දක්වා වැඩිකර ගැනීමට සභාවේ අනුමැතිය ලැබුනි

පත්වූ නිළධාරීන්

සංගම‍යේ විධායක සභාවේ අවශ්‍ය වෙනස් කිරීම් සහ පුරප්පාඩු පිරවිමට අවස්ථාව වූ බැවින් පක්ෂ දේශපාලනීකරණයෙන් ඔබ්බට ගොස් මෙතෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිව තිබූ සංගමයේ සභාපති ධූරයට අපගේ මුළු මහත් කම්කරු ජනතාව අතරින් සංගමයේ ශ්‍රී ලංකා ගුවන් සමාගම ශාඛාවේ සභාපති ජනක විජයපතිරත්න සහෝදරයා ඒකමතිකව තෝරා පත්කරගන්නා ලදී.

පෙර මෙන්ම මෙවරද ප්‍රධාන ලේකම් ධූරය සඳහා සංගමයේ අභිවෘද්ධිය ඉහලටම එසවූ පරිනත බුද්ධි සම්පන්න ලෙස්ලි දේවේන්ද්‍ර සහෝදරයා සභාවේ උණුසුම් ගෞරව මැද නිතරඟයෙන් තේරී පත්විය.

භාණ්ඩාගාරික ධූරය සඳහා පී. ජී. චන්ද්‍රෙස්න සහෝදරයා තේරී පත්විය.

උප සභාපති ධූර 8 කින්ද, උප ලේකම් ධූර 7 කින්ද, විධායක සභික ධූර 23  කින්ද නිළධාරී මංඩලය තේරී පත්විය.

  • උප සභාපති ධූර

01). වර්ණසිරි මුහන්දිරම් සහෝදරයා              02). මනෝජ් මනම්පේරී සහෝදරයා

03). ඒ. ඒ. ඩී. ශාන්ත කුමාර සහෝදරයා         04). කේ. ඒ. ගාමිණී සහෝදරයා

05). ඩබ්ලිව්. ඒ. පී. ප්‍රභාත් සහෝදරයා             06). නික්සන් සූරියකුමාර් සහෝදරයා

07). ජී. ජී. චන්ද්‍රෙස්න සහෝදරයා                   08). චන්ද්‍රාණි පණ්ඩිත සහෝදරිය

  • උප ලේකම් ධූර

01). රංජිත් හෙට්ටිආරච්චි සහෝදරයා             02). ඩබ්ලිව්. කේ. පියරත්න සහෝදරයා

03). නිර්මලානි ප්‍රේමතිලක සහෝදරිය           04). අනුර ගොඩකන්ද සහෝදරයා

05). රම්පාල ඩයස් සහෝදරයා                       06). ජගත් විජයගුණරත්න සහෝදරයා

07). ඒ. පංචනාදන් සහෝදරයා

  • විධායක සභික ධූර

රාජ්‍ය සංස්ථා අංශය

01). සුමිත් අත්තනායක සහෝදරයා              02). සුසන්ත ප්‍රදීප් කුමාර සහෝදරයා

03). බුද්ධි ලියනආරච්චි සහෝදරයා              04). එල්. සරත් පෙරේරා සහෝදරයා

05). සුජීව වීරකෝන් සහෝදරයා                  06). දිලීප දිසානායක සහෝදරයා

07). උපුල් ලංකාතිලක සහෝදරයා               08). එන්. එස්. ගුණසේකර සහෝදරයා

09). කේ. එන්. සී. ක්ලීටස් සහෝදරයා          10). කේ. අමරදාස සහෝදරයා

11). සුරාජ් දිලන්ත සහෝදරයා

වතු අංශය

01). පියසිරි විතානගේa සහෝදරයා              02). සිරිල් ගුණරත්න සහෝදරයා

03). ටී. ජී. ජෝතිපාල සහෝදරයා                04). කේ. ඒ. අශෝක කුමාර සහෝදරයා

05). ඒ. එම්. සත්‍යානන්දන්  සහෝදරයා       06). කේ. පී. ස්වර්ණා මල්කාන්ති සහෝදරිය

07). කේ. රාජේන්ද්‍රන්  සහෝදරයා

 

පුද්ගලික අංශය

01). සමන්ත අල්විස්  සහෝදරයා

සමුපකාර අංශය

01). ඉන්දික ඒරියාව සහෝදරයා

කාන්තා අංශය

01). නිලන්ති ගුරුගේa සහෝදරිය                  02). චිත්‍රා සුරංගනී සහෝදරිය

03). නිශාන්ති කාරියප්පෙරුම සහෝදරිය

 

 

1

ගරු ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර සහෝදරයා සභාව අමතමින්

 

2

ගරු නව සභාපති ජනක විජයපතිරත්න සහෝදරයා සභාව අමතමින්

 

4

පත්වූ නව නිළධාරී මංඩලය

 

35 6 7 8 9

සම්මේලනයට සහභාගීවූවෝ

May 11, 2021
4

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ 09 වන නියෝජිත සම්මේලන‍යේදී ඉතිහාසයට කඩ ඉමක් එක්වෙයි.

2021 අ‌ප්‍රේල් මස 05 වන දින කොස්වත්ත  ග්‍රෑන්ඩ් සෝලීස් හෝටලයේදී ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ 09 වන නියෝජිත සම්මේලනය ඉතිහාසයට කඩඉමක් එක්කරමින් ගාම්භීර පූර්වකව පවත්වන ලදී. […]
May 3, 2021

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මහතා සිදු කළ මැයි දින ප්‍රකාශය

https.//www.youtube.com/watch  
March 16, 2021
IMG-20210313-WA0019

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය ජාත්‍යන්තර කාන්තා දිනය වර්ණවත් කරමින් වතු කම්කරු නිවාස පිළිසකරයට මුල්‍යාධාර පිරිනමයි.

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය මාර්තු මස 08 වන දිනට යෙදී තිබුනු ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් 2021 මාර්තු මස 13 වෙනි දින පොල්ගහවෙල, ඊදැල්ල වත්ත ඔරෙන්ජ් […]
February 28, 2021
2

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සාමාජිකයින් ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් සම්මත කර ඇති වැඩපලෙහි සිදුවන ප්‍රචන්ඩත්වය හා හිංසනයට අදාල C-190 ප්‍රඥප්තිය පිළිබඳව දැනුවත් වු වගයි.

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය සහ සොලිඩරිටි ආයතනය ඒකාබද්ධව “Awareness on Gender Based Violence and Harassment at Work Place and related to Action on Ratifying ILO […]