ලෝක කම්කරු දිනය සංකේතවත් කරමින් සිය සාමාජික සාමාජිකාවන් පිරිසක් ඒකරාශි කරගනිමින් 2022 මැයි 01 වෙනි දින ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය මැයි දිනය සමරනු ලැබීය.
.
කිසිදු දේශපාලන පක්ෂයකට ගැති නොවී සංගම් මූලස්ථාන ශ්‍රවණාගාරයේදී ඉතා හරවත් අයුරින් පැවත්වූ මෙම රැස්වීමට පැමිණි සියළු දෙනා පිළිගැනීම සංගමයේ ගරු සභාපති ජනක විජයපතිරත්න සහෝදරයා විසින් කෙරුනු ලැබීය.
ප්‍රධාන දේශකයා වශයෙන් රැස්වීමට සහභාගි වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සභාව අමතමින් රට තුල පවතින වත්මන් ආර්ථික අර්බුදයේ ආරම්භයත්, ක්‍රමයෙන් විකාසය වූ පීඩාකාරී වර්තමානයත් විසඳුම් සෙවිය යුතු භයංකර අනාගතයත් පිළිබඳව කරුණු පැහැදිලි කළේය. මෙම අරගලයට අරමුනක් සහ සැලස්මක් ලබා දීම සඳහා පක්ෂ ජාති ආගම් භේදයෙන් තොරව එකා මෙන් පෙළ ගැසිය යුතු බවත් පෙන්වා දුන්නේය. දේශපාලන අතකොලු බවට පත්නොවී ජාතික මට්ටමේ ස්වාධීන වෘත්තීය සමිතියක් වශයෙන් ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය ගොඩනැගීම පිළිබඳව ගරු ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මහතා ප්‍රමුඛ සංගමයට ස්තුතිය පළකළ අතර පැවතුන හා පවතින ආණ්ඩු මේ මහා ආර්ථික අර්බුදයට වගකිව යුතු බව ප්‍රකාශ කරන්නට යෙදුනි.
සහභාගී වු වෘත්තීය සමිති සාමාජිකයිනට දේශණයෙන් මතුවූ ගැටළු පිළිබඳව විමසා සිටීමට අවස්ථාව සලසා දුන් අතර බොහෝ දෙනෙකු එම මහඟු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නා ලදී.
ගරු ප්‍රධාන ලේකම් තුමන් සභාවට කරුණු පැහැදිලි කරමින් මෙතෙක් යම් යම් වාමාංශික දේශපාලනයට මුල් තැන දෙමින් පැවත්වු මැයි දින රැලිවලට වඩා අද දින සංගම් මූලස්තානයේදී පැවත්වු මැයි දින රැස්වීම ස්වාධීන වෘත්තීය සමිතියක් වශයෙන් කම්කරු හඬ නියෝජනය කරමින් පැවත්වූ සංගමයේ සාර්ථකම මැයි දින රැස්වීම බව ප්‍රකාශ කළේය.
තවද එක් එක් දේශපාලන පක්ෂ බලයට පත්වූ පසු තම තමන්ගේ පාට මාරු කරන බවත් රාජ්‍ය උසස් නිළධාරීන් තම ටයි පටිය මාරු කරන බවත් විශේෂයෙන් සමස්ථ කම්කරු ජනතාව තමන්ගේ වෘත්තීය සමිතිය වෙනස්කරන බවත් පහදා දුන් ප්‍රධාන ලේකම්තුමන් වහාම රටතුල ක්‍රියාත්මක කිරීමට වත්මන් රජයට බලකෙරෙන යෝජනාවලියක්ද මෙදින සම්මත කර ගත්තේය.
වත්මන් රජයට බලකෙරෙන යෝජනාවලිය පෞද්ගලික අංශයේ ලේකම් පියරත්න මහතා ඉදිරිපත් කළේය.
රාජ්‍ය අංශයේ ලේකම් රංජිත් හෙට්ටිආරච්චි මහතාගේ ස්තුති කථාවෙන් අනතුරුව “වැඩ කරන ජනතාවගේ හඬට ජයවේවායි”සියල්ලන්ගේම ඔල්වරසන් හඬ මධ්‍යයේ සියල්ලෝම සතුටින් විසිර ගියහ.