පෞද්ගලික අංශයටත් විශ්‍රාම යාමේ වයස 60 දක්වා දීර්ග වේ.
මෙතෙක් අවධිමත්ව සැකසුන අප රටේ සේවක විශ්‍රාම යාමේ වයස අධිකරණ නිළධාරීන් සඳහා අවු. 65ක්ද, රජයේ සේවකයින් සඳහා අවු.60 ක්ද රාජ්‍ය ව්‍යාපාර සේවකයින් සඳහා අවු. 58 ත් 60 ක් අතර වූ අතර පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා හිමිවූයේ අවු. 55ක් පමණි.
අසාධාරණවූත් පදනම් විරහිතවූත් එම ක්‍රමය වෙනස් විය යුතු බවට 2017 වසරේදී අප සංගමය ප්‍රථමයෙන්ම පෙන්වා දුනි. විශ්‍රාම යාමේ වයස තීරණය කළ යුත්තේ ආයතන අනුව නොව මිනිසුන්ගේ ආයු කාලය, ආර්ථිකමය කරුණු සහ සමාජමය තත්වය අනුව බවටත් විශ්‍රාම යාමේ වයස අවු. 55 වශයෙන් තීරණය කළ අවධියේදී මිනිසකුගේ ආයු කාලය අවු. 64ක් වූ බවත් දැන් එය අවු. 74 – 75 දක්වා වැඩිවී ඇති බවත් එහි ප්‍රතිඵලයක් වශයෙන් වයස අවු. 55 න් විශ්‍රාම යන අයකුට අවු. 20 ක් නිකරුනේ කාලය ගත කිරීමට සිදුවන බවටත් තාර්කිකව කරුණු ඉදිරිපත් කරන ලදී.
මෙය බරපතල සමාජ ප්‍රශ්ණයක් බව තේරුම් ගත් අප සංගමය ලංකාවටම එකම විශ්‍රාම යාමේ වයසක් තිබිය යුතු බවටත් එම වයස අවු. 60 දක්වා විය යුතු බවටත් 2017 වර්ෂයේදී ජාතික කම්කරු උපදේශක සභාවට යෝජනා කර සිටියෙමු. එහෙත් අපගේ යෝජනාවට තදින්ම විරුද්ධවූ හාම්පුතුන් කියා සිටියේ පුද්ගලික අංශයේ සේවකයින්ගේ විශ්‍රාම යාමේ වයස තීරණය කිරීමේ අයිතිය ඇත්තේ ඔවුන්ට බවය. එමෙන්ම අප සංගමයේ යෝජනාවට ජාතික කම්කරු උපදේශක සභාවේ අනිකුත් සමති වලින්ද එතරම් සහයෝගයක් නොලැබුනු බව නොකියාම බැරිය.
මෙවැනි බාධක මධ්‍යයේ ද අප අපේ සටන අත් නොහැරියෙමු. 2019 වර්ෂයේදී ආණ්ඩු වෙනස්වීමෙන් පසුව පත්වූ කම්කරු ඇමතිතමා සමඟ මේ කතිකාව නැවතත් ආරම්භ කළෙමු. වාද විවාද රාශියකින් පසුව යෝජිත පණතට අනුමැතිය ලැබී පාර්ලිමේන්තු ඒකචන්දයෙන් සම්මත වීමෙන් පසුව 2021 නොවැම්බර් මස 17 වෙනි දින සිට ක්‍රියාත්මක වේ.
අප සංගමයේ බහුතර සාමාජිකත්වයට මේ ප්‍රශ්ණය බලනොපාන මුත් පොදුවේ 40 ලක්ෂයක් පමණ වූ පෞද්ගලික අංශයේ සේවකයිනට පොදුවේ බලපාන සමාජ ප්‍රශ්ණයක් සේ සලකා ඒ පිළිබඳව අප කළ නිහඩ අරගලය පිළිබඳව ඉතා නිහතමානීව ආඩම්බර වෙමු.
ලෙස්ලිදේවේන්ද්‍ර
ප්‍රධාන ලේකම්.
සටහන
වයස අවු. 52 ට අඩු සියළු දෙනාටම අවු. 60 දක්වා
වයස අවු. 52 සිට 53 අතර අවු. 59 දක්වා
වයස අවු. 53 සිට 54 අතර අවු. 58 දක්වා
වයස අවු. 54 සිට 55 අතර අවු. 57 දක්වා
ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, අංක 341/21, 4 වෙනි මහළ, සරණ මාවත, රාජගිරිය.
වැඩි විස්තර සඳහා
011-3091513 (පෞද්ගලික අංශය)