SLNSS

ලෝක කම්කරු දිනය සංකේතවත් කරමින් සිය සාමාජික සාමාජිකාවන් පිරිසක් ඒකරාශි කරගනිමින් 2022 මැයි 01 වෙනි දින ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය මැයි දිනය සමරනු ලැබීය.                 

.mayday-janaka

කිසිදු දේශපාලන පක්ෂයකට ගැති නොවී සංගම් මූලස්ථාන ශ්‍රවණාගාරයේදී ඉතා හරවත් අයුරින් පැවත්වූ මෙම රැස්වී‍මට පැමිණි සියළු දෙනා පිළිගැනීම  සංගමයේ ගරු සභාපති ජනක විජයපතිරත්න සහෝදරයා විසින් කෙරුනු ලැබීය.

mayday-guestwasanthaප්‍රධාන දේශකයා වශයෙන් රැස්වීමට සහභාගි වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සභාව අමතමින් රට තුල පවතින වත්මන් ආර්ථික අර්බුදයේ ආරම්භයත්,  ක්‍රමයෙන් විකාසය වූ පීඩාකාරී වර්තමානයත් විසඳුම් සෙවිය යුතු භයංකර අනාගතයත් පිළිබඳව කරුණු පැහැදිලි කළේය. මෙම අරගලයට අරමුනක් සහ සැලස්මක් ලබා දීම සඳහා පක්ෂ ජාති ආගම් භේදයෙන් තොරව එකා මෙන් පෙළ ගැසිය යුතු බවත් පෙන්වා දුන්නේය. දේශපාලන අතකොලු බවට පත්නොවී ජාතික මට්ටමේ ස්වාධීන වෘත්තීය සමිතියක් වශයෙන් ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය ගොඩනැගීම පිළිබඳව ගරු ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මහතා ප්‍රමුඛ සංගමයට ස්තුතිය පළකළ අතර පැවතුන හා පවතින ආණ්ඩු මේ මහා ආර්ථික අර්බුදයට වගකිව යුතු බව ප්‍රකාශ කරන්නට යෙදුනි.

සහභාගී වු වෘත්තීය සමිති සාමාජිකයිනට දේශණයෙන් මතුවූ ගැටළු පිළිබඳව විමසා සිටීමට අවස්ථාව සලසා දුන් අතර බොහෝ දෙනෙකු එම මහඟු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නා ලදී.

 mayday-dev

ගරු ප්‍රධාන ලේකම් තුමන් සභාවට කරුණු පැහැදිලි කරමින් මෙතෙක් යම් යම් වාමාංශික දේශපාලනයට මුල් තැන දෙමින් පැවත්වු මැයි දින රැලිවලට වඩා අද දින සංගම් මූලස්තානයේදී පැවත්වු මැයි දින රැස්වීම ස්වාධීන වෘත්තීය සමිතියක් වශයෙන් කම්කරු හඬ නියෝජනය කරමින් පැවත්වූ  සංගමයේ සාර්ථකම මැයි දින රැස්වීම බව ප්‍රකාශ කළේය.

තවද එක් එක් දේශපාලන පක්ෂ බලයට පත්වූ පසු තම තමන්ගේ පාට මාරු කරන බවත් රාජ්‍ය උසස් නිළධාරීන් තම ටයි පටිය මාරු කරන බවත් විශේෂයෙන් සමස්ථ කම්කරු ජනතාව තමන්ගේ වෘත්තීය සමිතිය වෙනස්කරන බවත් පහදා දුන් ප්‍රධාන ලේකම්තුමන් වහාම රටතුල ක්‍රියාත්මක කිරීමට වත්මන් රජයට බලකෙරෙන  යෝජනාවලියක්ද මෙදින සම්මත කර ගත්තේය.

 mayday-piya

වත්මන් රජයට බලකෙරෙන  යෝජනාවලිය පෞද්ගලික අංශයේ ලේකම් පියරත්න මහතා ඉදිරිපත් කළේය.

mayday-ranjith

රාජ්‍ය අංශයේ ලේකම් රංජිත් හෙට්ටිආරච්චි මහතාගේ ස්තුති කථාවෙන් අනතුරුව “වැඩ කරන ජනතාවගේ හඬට ජයවේවායි”සියල්ලන්ගේම ඔල්වරසන් හඬ මධ්‍යයේ සියල්ලෝම සතුටින් විසිර ගියහ.

 

May 27, 2022

අපේ මැයි දිනය

ලෝක කම්කරු දිනය සංකේතවත් කරමින් සිය සාමාජික සාමාජිකාවන් පිරිසක් ඒකරාශි කරගනිමින් 2022 මැයි 01 වෙනි දින ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය මැයි දිනය සමරනු ලැබීය.    […]
May 20, 2022

2022 මැයි 09 වන දින ගෝල්ෆේස් අරගල භූමියට එල්ලවූ මැර ප්‍රහාරය

පවතින ආර්ථික හා දේශපාලන අර්බුදයට එරෙහිව 2022 අප්‍රේල්මස සිට  ගෝල්ෆේස් පිටියට ඒකරාශි වූ මහජනතාව ඉතාමත් සාමකාමීව හා විනය ගරුක වූ විරෝධතාවයක් පැවත්වූහ. මෑත ඉතිහාසයේ කිසිදිනක සිදු […]
May 6, 2022

SARTUC/SLNSS Safe Migration and Skill Development of Migrant Workers Seminar Maharagama Colombo District

Our union SLNSS is engaged on a project sponsored by SARTUC on the subject of “Safe Migration” specially concerning migrant workers. This seminar conducted on this […]
May 6, 2022

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ මූලිකත්වයෙන් ගෝල්ෆේස් සේවක දුක්ගැනවිල්ල ජයග්‍රාහීව විස‍දේ.

2016 අංක 04 දරන අය වැය සහන දීමනා පණත අනුව ගෝල්ෆේස් සේවකයින් සඳහා නොගෙවන ලද අය වැය සහන දීමනාව  (රු.2500/=) ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් සේවක […]