ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය සහ සොලිඩරිටි ආයතනය ඒකාබද්ධව ශ්‍රම සංක්‍රමණිකයිනට සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයිනට “සුරක්ෂිත හෙටක්” තනන්නට වෙරදරයි
ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය සොලිඩරිටි ආයතනය සමග ඒකාබද්ධව 2020 සැප්තැම්බර් මස 19 සහ 20 දෙදින තුල Colombo Hilton Residences හෝටලයෙහිදී ශ්‍රම සංක්‍රමණිකයින් සුරක්ෂිතව විදේශගතකිරීම, පවුලේ සාමාජිකයින්ගේ ආරක්ෂාව සහ ආපසු පැමිණි සංක්‍රමණික සේවකයින් සමාජගතකිරීම” පිළිබඳව ඉතා සාර්ථක පුහුණු වැඩමුළුවක් පවත්වන ලදී.
එහිදී සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මහතා විසින් සංගමයේ ආරම්භය, ප්‍රගතිය සහ වර්තමාන තත්වය පැහැදිලි කළ අතර ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලැබෙන ප්‍රධානම මාර්ගය වන ශ්‍රම සංක්‍රමණයේ වර්තමාන කඩාවැටීමත්, ශ්‍රී ලංකාවේ විශාලම සාමාජික සංඛ්‍යාවක් සිටින අප සංගමය විසින් ශ්‍රම සංක්‍රමණිකයිනට සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයිනට උදවු කළ යුතු බවත් පෙන්වා දුන්නේය.
තම ආයතනයේ ප්‍රධාන අරමුනු අතර ශ්‍රම සංක්‍රමණිකයිනට සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයිනට මෙන්ම කොවිඩ් 19 නිසාවෙන් ආපසු පැමිණි සංක්‍රමණික සේවකයින් සමාජගතකිරීම ද සොලිඩරිටි ආයතනයේ වගකීමක් බැවින් ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය සමග මෙම කාර්ය්යයට පිවිසු බව සොලිඩරිටි ආයතනයේ ප්‍රධානි අලොන්සො සුසාන් මහතා ද පෙන්වා දුන්නේය.
සොලිඩරිටි ආයතනයේ රන්ජන් කුරියන් මහතා සහ දේශක අජිත් කළුආරච්චි මහතාගේ මග පෙන්වීම යටතේ දේශණ, සාකච්චා, නාට්‍ය සහ අභ්‍යාශ මගින් කරුනු ආවරණය කරන ලදී.
ශ්‍රම සංක්‍රමණය පිළිබඳව ඇති ජාත්‍යන්තර සම්මුතීන්, ක්‍රියාදාමයන් සහ ප්රතිපත්තීන් මෙන්ම ශ්‍රම සංක්‍රමණය පිළිබඳව පවතින නීතිමය සහ ආයතනික රාමුව හඳුන්වා දෙන ලදී.
මෙම කර්තව්‍ය රට පුරා දියත්කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ පහත ශාඛා සාමාජික සාමාජිකාවන් සම්බන්ද විය.
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව, ශ්‍රී ලංකා විදුලිබල මංඩලය, ඛනිජ වැලි සංස්ථාව, විජයකුමාරතුංග රෝහල, ගුවන් සේවා හා ගුවන් තොටුපල සමාගම, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්ය්යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා වෘතීය පුහුණු මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනය සහ වතු අංශය වේ.