ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ වැවිලි අංශයේ 10 වන නියෝජිත සම්මේලනය

පෞද්ගලික අංශයේ වැටුප් වැඩිවීමක් ………
December 2, 2024

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ වැවිලි අංශයේ 10 වන නියෝජිත සම්මේලනය

devendra

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ වැවිලි අංශයේ
10 වන නියෝජිත සම්මේලනය
2024 නොවැම්බර් මස 30 දින
මෙම සම්මේලනය එදින සංගම් මූලස්ථාන ශ්‍රවනාගාරයේදී ඉතා උත්කර්ෂවත් ආකාරයෙන් පැවැත්වුනි. බලාපොරොත්තු සපල කරමින් ලංකාවේ නන් දෙසින් වතු සංගම් සාමාජිකයෝ 180 කට වැඩි ප්‍රමාණයක් පැමිණියහ.ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අප සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මහතාගේ සහ සභාපති ජනක විජයපතිරත්න මහතාගේ සම්ප්‍රාප්තියෙන් පසු සභාවේ කටයුතු ආරම්භ විය.
20241130_103842[1]
වැවිලි අංශයේ සභාපති නික්සන් සූරියකුමාර් මහතා විසින් පැමිණි සියළු දෙනා පිළිගන්නා ලදී.
20241130_104110[1]
අනතුරුව අශෝක කුමාර මහතා විසින් පසුගිය වාර්ථාව ඉදිරිපත් කරන ලදී.
20241130_104942[1]
වැවිලි අංශයේ ලේකම් පී. ජී. චන්ද්‍රෙස්න මහතා විසින් පසුගිය කාලපරිච්චේදයේ ප්‍රගති වාර්ථාව ඉදිරිපත් කරන ලදී.
20241130_110010[1]
ඊළඟ අවස්ථාව එළඹියේ 2025 වසර සඳහා නව නිළධාරි මණ්ඩලය පත්කර ගැනීමයි. ගරු ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මහතා මුලසුන හොබවමින් පහත ආකාරයෙන් නිළධාරීන් පත්කර ගන්නා ලදී.
සභාපති නික්ෂන් සූරියකුමාර් මහතා
ලේකම් පී. ජී. චන්ද්‍රෙස්න මහතා
භාණ්ඩාගාරික ඒ. පංචනාදන් මහතා

සංගමයේ සභාපති ජනක විජයපතිරත්න මහතා සභාව අමතමින් කියා සිටියේ ශ්‍රී ලංකා‍වේ වතුවල ජිවත්වන කම්කරුවන් ඉතා දුක්ඛිත තත්වයකින් ජීවත්වන බවත් එම ජීවිත නගා සිටුවීම සඳහා වෘත්තීය සමිති සතු කාර්ය්‍යයභාරය අප නොපිරිහෙලා ඉටුකිරීමට කැපව සිටින බවත්ය. තවද සංගමයේ සාමාජිකයින් ප්‍රමාණය වැඩිකර ගැනීමත් එම කාර්ය්‍යයට රුකුලක් වන බවය.
20241130_120324[1]
දිනයේ අරුත ඔප්නංවමින් ප්‍රධාන ලේකම්තුමන් සභාවට කරුණු පැහැදිලි කරමින් දන්වා සිටියේ මෑත ඉතිහාසයේ මැතිවරණයෙන් මෙතරම් විශාල වෙනසක් රටේ සිදු වුවද ඒ කිසිත් නොතකා මේසා විශාල සාමාජිකයින් ප්‍රමාණයක් පැමිණ ඇති බවත් ඒ සියළුම දෙනාට තමා ස්තුතිය පුදකරන බවත් කුමන ආණ්ඩුවක් කුමන ප්‍රතිපත්ති අනුගමනය කළත් ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය නොකඩවා ඉදිරියට ගෙන යන බවය.
20241130_121320[1]
දමිළ සහෝදර සහෝදරියන් දැනුවත් කරමින් ඒ. පංචනාදන් සහෝදරයා සභාව අමතමින්
20241130_123944[1]
ඇහැලියගොඩ වතුයායෙන් ස්වර්ණා මල්කාන්ති සහෝදරිය සභාව අමතමින්
20241130_125239[1]
ඒ. එම්. සත්‍යනාදන් සහෝදරයා සභාව අමතමින්
20241130_125914[1]
නාකියාදෙනිය වත්තෙන් ආර්. බී. ප්‍රියන්ත සහෝදරයා සභාව අමතමින්
20241130_130803[1]
පල්ලේගොඩ වත්තෙන් නිමාලි සහෝදරිය සභාව අමතමින්
20241130_131439
වැවිලි අංශයේ ලේකම් පී. ජී. චන්ද්‍රෙස්න මහතා විසින් සංගමයේ ප්‍රධාන ලේකම්තුමන්ටත්, සභාපතිතුමන්ටත්, වැඩසටහන මෙහෙයවූ පෞද්ගලික අංශයේ ලේකම් ඩබ්ලිව්. කේ. පියරත්න මහතාටත්, තාක්ෂණික සහය දැක්වූ කාන්තා අංශයේ නිර්මලානි ප්‍රේමතිලක මහත්මියටත්, පැමිණි සියළු සාමාජික සාමාජිකාවන්ටත්, සම්මේලනය සාර්ථක කරගැනීමට නන් අයුරින් උපකාර කල සියළු දෙනාටත් ස්තුති කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *