අප සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර සහෝදරයා 2023 නොවැම්බර් මස 20 වෙනි දින සිට නොවැම්බර් මස 22 වෙනි දින දක්වා තායිලන්තයේ බැංකොක් නුවර පැවත් වූ ජාත්‍යන්තර වෘත්තීය සමිති සම්මේලනයේ ආසියානු කලාපීය (ITUC-AP) 5 වන සම්මේලනයට සහභාගි විය. එහිදි ලංකාවේ වත්මන් තත්වය පිළිබඳ කිසිදු යෝජනාවක් ඉදිරිපත් වී නොතිබූ බැවින් එවැනි යෝජනාවක් සභාවට ඉදිරිපත් කළ යුතු බව ලෙස්ලි සහෝදරයා සභාවට අදහස් දැක්වීය.
එම යෝජනාව පිළිගත් සම්මේලනය එය කෙටුම්පත් කිරීමේ කාර්යයද ඔහුටම පැවරීය. ලැබුනු ඉතා සුළු කාලය තුල සකස්කරගත් ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව ඒකමතිකව සම්මේලනයේදී සභාසම්මත විය. (සිංහල අනුවාදය පසුව ඉදිරිපත් කරමු.)