අර්ථසාධක අරමුදල් කොල්ල කෑම සහ වහල් කම්කරු නීති ගෙන ඒමට එරෙහිව ජාතික කම්කරු උපදේශණ සභාව නියෝජනය කරන සහ නියෝජනය කළ වෘත්තීය සමිති එකමුතුව විසින් 2023 සැප්තැම්බර් මස 03 වෙනි ඉරු දින කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේදී මහා සමුළුවක් පවත්වන ලදී.
කම්කරුවන්ගේ නිවාඩු දවසක් වූ එදින ධාරා නිපාතන මහා වර්ෂාවෙන් කොළඹ පුරවරයම යටවී ගියද විහාරමහාදේවී එළිමහන් රංග පීඨය සැලකිය යුතු පිරිසකින් පිරී ඉතිරී ගියේ තමා සතු අර්ථසාධක අරමුදල බේරාගැනීමටත් ඉදිරියේදී රජය ගෙන ඒමට තැත් දරන වහල් කම්කරු නීති අහෝසි කරගන්නා ලෙසත් රජයට බල කරමිනි.
සංගම් 15 ව කින් සැදුම්ලත් මෙම වෘත්තීය සමිතියේ නායකයින් 12 දෙනෙකු විසින් මාතෘකා 12 ක් යටතේ මෙහි අන්තර්ගතය, එයින් රටට සහ කම්කරුවාට බලපාන අයහපත් ප්රථිඵල පිළිබඳව මනාසේ හෙළිදරව් කරන ලදී. ශ්රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ජනක විජයපතිරත්න සහෝදරයා විසින් දැනට බලපවත්වන කම්කරු අණපණත් සහ මෙම යෝජිත නව නීති නිසාවෙන් එම පණත් බල රහිත වන ආකාරය පෙන්වා දෙන ලදී.