අසාධාරණ කම්කරු නීති හඳුන්වාදීමට හා ETF/EPF මංකොල්ලයට එරෙහි දැවැන්ත උද්ඝෝෂණයක්

සංගමය තවත් ඉදිරියට –  MRA ජාතික සම්මේලනයත් පැවැත් විය.
July 26, 2023
පැරදවිය යුත්තේ ඇයි?
August 23, 2023

අසාධාරණ කම්කරු නීති හඳුන්වාදීමට හා ETF/EPF මංකොල්ලයට එරෙහි දැවැන්ත උද්ඝෝෂණයක්

2023 ජූලි මස 25 වන දින කොටුව දුම්රියපොල ඉදිරිපිට දී පෙරවරු 10.00 ට ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව විසින්  මෙම දැවැන්ත සාමකාමී උද්ඝෝෂණයක් සිදු කරන ලදී. තුන්දහසකට අධික උද්ඝෝෂකයින් අතර ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ගරු ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මහතා සහ ගරු සභාපති ජනක විජයපතිරත්න මහතා ඇතුළු 500 කට අධික සාමාජික සංඛ්‍යාවක් ද මෙම අවස්ථාවට සහභාගි විය. රජය විසින් ඉදිරිපත් කර ඇති නව කම්කරු නීති මාලාවේ බොහෝ වගන්ති කම්කරුවාගේ ආරක්ෂාවට ඇති නීති 13ක් අහෝසි කරමින් අත්තනෝමතික ලෙස ගෙන එන ලද බවත් එමගින්  සමස්ත කම්කරු ජනතාව වහල් භාවයට පත් කර ඇති බවත් රටට පෙන්වා දුනි. තවද කම්කරුවා දුකසේ උපයා ගත් අර්ථ සාධක අරමුදල මංකොල්ල කෑමේ රජයේ ප්‍රයත්නය වහා නතර කරන ලෙස ඉල්ලා සියලු කම්කරුවෝ එක හඬින් මොර දෙන ලදි.

 STRIKE

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *