පවතින ආර්ථික හා දේශපාලන අර්බුදයට එරෙහිව 2022 අප්‍රේල්මස සිට ගෝල්ෆේස් පිටියට ඒකරාශි වූ මහජනතාව ඉතාමත් සාමකාමීව හා විනය ගරුක වූ විරෝධතාවයක් පැවත්වූහ. මෑත ඉතිහාසයේ කිසිදිනක සිදු නොවූ මහජන නැගිටීමක් සහ පවතින දූෂිත දේශපාලන ක්‍රමයට විරුද්ධව විරෝධයක් මෙම අරගලය තුලින් අපට දක්නට ලැබුනි. මෙම අරගලයේ ප්‍රතිඵලයක් වශයෙන්කැබිනට් මණ්ඩලය විසුරුවා හැරීම,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 21 වෙනි සංශෝධනය ගෙන ඒමට මග සැලසීම වැනි දේ ක්‍රියාත්මක කිරීමට මේ අහිංසාවාදී තරුණ තරුණියන්ට හැකි විය. මේ පිළිබඳව මුළු මහත් කම්කරු පන්තියේම භක්ති පූර්ව ප්‍රණාමය අප සංගමය පුදකර සිටිමු.
එහෙත් මැයි 09 වැනි දින අරලිය ගහ මැදුරෙන් දියත්වූ නින්දිත තුච්ච මැර ප්‍රහාරය හේතු කොට ගෙන මේ අහිංසාවාදී ව්‍යාපාරය කනපිට පෙරලින. අගමැතිවරයා ප්‍රමුක අමාත්‍ය මණ්ඩලයේ ඉවත්වීම ගැන සතුටුවීම කෙසේ වෙතත් ඉන්පසු රට පුරා ඇතිවූ ප්‍රචන්ඩත්වය අහිංසාවාදී අරගලයට කළු පැල්ලමක් එකතු කිරීමට සමහර අන්තවාදී කණ්ඩායම් විසින් දරන ලද සැළසුම්ගත කුමන්ත්‍රණයක් බව පැහැදිලිය.
මෙයින් අප ඉගෙන ගත යුතු මූලිකම පාඩම නම් අපගේ අරමුණ කොතරම් පිරිසිදු වුවත් අරගලය අතරතුර නොයෙක් වෙනත් අරමුණු සහිත කණ්ඩායම් වෙස්වලාගෙන අරගල භූමියට ඇතුළු විය හැකි බවය.
අරලිය ගහ මැදුරේ සිට පැමිණි මැරයන්ගේ ප්‍රහාරයෙන් පසුව මැරයන් ගෙන ආ බස් ගිනි තැබීම, බේරේ වැවට පෙරලීම,සහ වෙනත් ප්‍රචන්ඩකාරී ක්‍රියාකාරී ක්‍රියා සිදු කළේ අහිංසාවාදී ව්‍යාපාරයේ අය නොවන බව අපේ විශ්වාසයයි. ඒ පිරිස ප්‍රචණ්ඩත්වයට ප්‍රචණ්ඩත්වයෙන් පිළිතුරු දිය යුතුය යන පණිවිඩය මුළු රටටම දී රටම ගිනිබත් කිරීමට සමත් වූහ.
මේ අතර සමහර වෘත්තීය සමිති නායකයින් අරගල වේදිකාවට නැග අඛණ්ඩ වැඩ වර්ජනයක් දියත් කිරීමට උත්සාහ කරති. මෙවැනි දේ කිරීමෙන් වන්නේ රට වැටී ඇති ආගාධය තවත් ත්‍රීව්ර කිරීමක් පමණි. දැනටමත් රටට විදේශ විනිමය උපයන ඇඟළුම් කර්මාන්තයෙන් 25% ක ආයෝජකයෝ රට හැර ගොසිනි. සංචාරක කර්මාන්තය තිබෙන්නේ ඉතාම අසරණ තත්වයකය. මෙවැනි අවස්ථාවක අපගේ යුතුකම වන්නේ රටේ කර්මාන්ත සහ රැකියා ආරක්ෂා කිරීම විනා අඛණ්ඩ වැඩ වර්ජන වලට මිනිසුන් පෙළඹවීම නොවේ.
එමනිසා අප සංගමයේ මතය වනුයේ ආණ්ඩු වෙනස් කිරීමකටත් වඩා මේ පවතින දූෂිත දේශපාලන ක්‍රමය වෙනස් කිරීමට සක්‍රීයව දායක වී ආර්ථිකය ගොඩනැගීමට උරදීමය.
ජනප්‍රිය රැල්ලට හසු නොවෙමු!
බුද්ධිමත්ව ප්‍රශ්ණ වලට මුහුණ දෙමු!
ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය
2022 -05 – 10