ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ මූලිකත්වයෙන් ගෝල්ෆේස් සේවක දුක්ගැනවිල්ල ජයග්‍රාහීව විස‍දේ.

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ වසර හතරක සටනින් පසු පෞද්ගලික අංශයටත් විශ්‍රාම යාමේ වයස 60 දක්වා දීර්ග වේ.
May 6, 2022
SARTUC/SLNSS Safe Migration and Skill Development of Migrant Workers Seminar Maharagama Colombo District
May 6, 2022

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ මූලිකත්වයෙන් ගෝල්ෆේස් සේවක දුක්ගැනවිල්ල ජයග්‍රාහීව විස‍දේ.

2016 අංක 04 දරන අය වැය සහන දීමනා පණත අනුව ගෝල්ෆේස් සේවකයින් සහා නොගෙවන ලද අය වැය සහන දීමනාව  (රු.2500/=) ලබාගැනීම සහා ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය කම්කරු කොමසාරිස් වෙත 2016 වර්ෂයේදී පැමිණිල්ල ඉදිරිපත් කරන ලදී.

මෙම පැමිණිල්ල පිළිබඳව කම්කරු දෙපාර්තමේන්තුව මැදිහත්වෙමින් වරින් වර සාකච්චා කළද වසර ගණනාවක් නොවිසඳුනු මෙම ප්‍රශ්ණය සමථයට පත්කරමීන්  2019 වර්ෂයේදී කම්කරු කොමසාරිස් විසින් සහන පැකේජයක් ඉදිරිපත් කරන ලදී.

කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ කඩාවැටුනු ආර්ථිකයත් පසුබෑමට ලක්වූ සංචාරක ව්‍යාපාරයත් නිසා මෙය ක්‍රියාත්මක කිරීමට නොහැකිවිය. අපහසුතාවයට පත් කළමණාකාරිත්වය පෙන්වා දුන්නේ ආයතනයේ මුල්‍යමය තත්වය දුර්වල බවය.

කෙසේ වෙතත් අධෛර්යට පත්නොවූ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය කම්කරු දෙපාර්තමේන්තුවද මැදිහත් කරගනිමින් මෙම ඉල්ලීම දිනාගන්නාතුරු සේවක පාර්ශවයේ ඉල්ලීමට මුල් තැන දෙමින් ක්‍රියා කළහ.

2021 දෙසැම්බර් මස 22 වන දින කම්කරු දෙපාර්තමේන්තුව සමඟ පැවති අවසන් සාකච්චා‍වේදී          ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය ජයග්‍රහණය ලබමින්, 2019 ජුලි මස සිට මේ දක්වා සියළුම හි වැටුප් සම අයවැය සහන දීමනාව සම්පූර්ණයෙන් ගෙවීමට ආයතනය එකඟ විය.

පැමිණිල්ල මෙහෙයවූ කම්කරු කොමසාරිස් ජෙනරාල්තුමාටත්, කම්කරු නිළධාරි මූණගම මහතාටත්, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මහතාටත්, සහකාර ලේකම් ඩබ්ලිව්. කේ. පියරත්න මහතාටත්, වෘත්තීය සමිතිය වෙනුවෙන් අතුල කල්දේරා, ජයන්ත විජේසිංහ ධම්මික මාදම්පේ, ලලිත් නිශාන්ත යන මහත්වරුන්ටද ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ගෝල්ෆේස් ශාඛාවේ සහෝදර සේවක පිරිස සිය ප්‍රණාමය පළ කර සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *