ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය සහ සොලිඩරිටි ආයතනය ඒකාබද්ධව “Awareness on Gender Based Violence and Harassment at Work Place and related to Action on Ratifying ILO C 190” (වැඩපලෙහි සිදුවන ප්‍රචන්ඩත්වය හා හිංසනය) යන මාතෘකාව යටතේ සාමාජිකයන් 24 දෙනෙකු දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2021 පෙබරවාරි මස 11 වැනිදා Hilton Colombo Residences (JAIC HILTON) හෝටලයේදී ඉතා සාර්ථකව පැවත් වුනි.
එහිදී සොලිඩරිටි ආයතනයේ යෝගේෂ්වරී මහත්මිය සහ ෆයිසර් මහතා විසින් සොලිඩරිටි ආයතනය පිළිබඳව හඳුන්වා දුන් අතර වැඩපලෙහි සිදුවන ප්‍රචන්ඩත්වය හා හිංසනයට අදාල විස්තර සහිත වීඩියෝ පෙලක් දර්ශණය කරන ලදී. තවද ලංකා රජය විසින් මෙතෙක් සම්මත නොකල C 190 ප්‍රඥප්තිය සම්මත කිරීම සඳහා රජය එකඟ කරවා ගතයුතු බව පෙන්වා දුන්නේය. එම ආයතනයේ නීති උපදේශිකා ලිලන්ති කුමාරි විසින් තම ආයතනය විසින් පවත්වාගෙන යන වෙබ් අඩවිය පිළිබඳව හඳුන්වා දුන්නාය. එම වෙබ් අඩවිය මගින් බොහෝ කම්කරු ප්‍රශ්ණ වලට පිළිතුරු සැපයෙන බවත් පවසා සිටියාය.
තේ විවේකයෙන් පසු කංඩායම් 3 කින් සමන්විත වු සාමාජිකයන් නිෂ්පාදන ක්‍රියාවලියේදී කාන්තාවගේ දායකත්වය, සේවා සැපයීමේදී කාන්තාවගේ දායකත්වය සහ ඔවුන්ගේ සෞඛ්‍ය ගැටළු, රුකියා ස්ථානයේ ගැටළු සහ සමාජීය වශයෙන් ඔවුන්ගේ පිළිගැනීම පිළිබඳව තර්කාන්විතව කරුණු ඉදිරිපත් කළෝය.
එදින ප්‍රධාන දැනුවත්වීම වු වැඩපලෙහි සිදුවන ප්‍රචන්ඩත්වය හා හිංසනයට අදාල C 190 ප්‍රඥප්තිය පිළිබඳව සහ වෘත්තීය සමිති විසින් ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳව යෝගේෂ්වරී මහත්මිය විසින් දැනුවත් කළාය.
ශ්‍රී ලංකාවේ කාන්තා හිංසනය සහ ඊට එරෙහිව ජාතික කාන්තා කමිටුවේ විධායක අධ්‍යක්ෂක මානෙල් ජයමාන්න මහත්මිය දේශණයක් පැවත්වූවාය. එහිදී ඇය පෙන්වා දුන්නේ වැඩ පලෙහි පමණක් නොව නිවසේදී, මහමගදී පවා කාන්තාව ප්‍රචන්ඩත්වයට සහ හිංසනයට පත්වන බවයි.
ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මහතාගේ ඉතාම හරවත් දේශණය කාගේත් සිත්ගනු ලැබූයේ ජීවිතයේ යතාර්ථය අවබෝධ කරගැනීම තුල මෙම ප්‍රශ්ණය ඇතිවීමට හේතු සෙවිය යුතු බවයි. කාන්තාව පමණක් නොව පිරිමින් ද වැඩපලේදී ප්‍රචන්ඩත්වයට සහ හිංසනයට ගොදුරු වේ.
නූතන ලෝකයේ වැඩබිම තුල ආර්ථික දේශපාලන හා සමාජීය වශයෙන් සැවොම හිංසනයට ගොදුරු වන බවත් එයට හේතු වී ඇත්තේ පුරාණ ශ්‍රී ලංකාවේ සමාජයට තිබූ නිදහස අද නොමැතිවීම බව පෙන්වා දෙන ලදී. තවද C 190 ප්‍රඥප්තිය නීති ගත කිරීම තුලින් අසාධාරණයට ලක්ව සිටින සියළුම දෙනාට සාධාරණය උදෙසා ඉදිරිපත් විය හැකි බවද පෙන්වා දුනි.
ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ පහත ශාඛා සාමාජික සාමාජිකාවන් මෙම වැඩමුළුවට සම්භන්ධ විය.
ශ්‍රී ලංකා විදුලිබල මංඩලය, මිනරල් සෑන්ඩ්ස් සමාගම, ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම,වෘත්තිය පුහුණු අධිකාරිය,කුඩා තේවතු සංවර්ධන මණ්ඩලය,රාජ්‍ය දැව සංස්ථාව, කිංග්ස්බරි හෝටලය, නිවාස සංවර්ධන අධිකාරිය, මහාමාර්ග සංවර්ධන අධිකාරිය, ජාතික ගමනා ගමන කොමිසම, මිල්කෝ සමාගම, ශ්‍රී ලංකා ටෙලිකොම්, ලංකා පොහොර සංස්ථාව, නගර සංවර්ධන අධිකාරිය, ලංකා විදුලි පුද්ගලික සමාගම,ඉංජිනේරුමය කාර්ය්‍යන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්ය්‍යාංශය, සේවා නියුක්තියන්ගේ භාරකාර අරමුදල් මණ්ඩලය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව,ජාතික ව්‍යාපාර කළමණාකාර ආයතනය.