කොයිඩ් 19 වසංගත තත්වය හමුවේ නිදහස් සේවක සංගමය
දෙපාර්ශවයටම එකඟවිය හැකි ගිවිසුමකට එළඹෙයි
ආයතනය: ඇමරිකන් එෆර්ඩ් ප්‍රයිවට් ලිමිටඩ්
වර්ෂ 3 කට වරක් ආයතනය හා නිදහස් සේවක සංගමය සේවක සහන සැලසීම මුල්කොට ගෙන සාමූහික ගිවිසුම් අත්සන් කිරීම සම්ප්‍රදායානුකූලව කරගෙන එන්නෙකි. දෙපාර්ශවයම එක්ව සාකච්ඡා වාර කිහිපයක් පවත්වමින් සාමූහික කේවල් කිරීමකින්(Collective Bargaining) යුක්තව මෙම කාර්යයෙහි නිරත වූහ.
එහෙත් මෙම වර්ෂයේ දිවයින තුලට බලපෑ කොයිඩ් 19 වසංගත තත්වය නිසා සේවකයෝ වඩාත් අසරණ තත්වයකට පත්වූහ. කෙසේ වෙතත් අපේක්ෂිත නිෂ්පාදනය හා ඇණවුම් නොලැබීම නිසා ආයතනත් රැකියාවේ අවදානම හා ආදායම් තත්වය අඩු මට්ටමකට පත්වු සේවකයොත් මෙම තත්වය හමුවේ අසරණ වූහ.
කෙසේ වෙතත් නිරන්තරයෙන් සේවකයින් සඳහා උපරිමයෙන් කැපවීම් කරන ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය 2020 සාමූහික ගිවිසුම අත්සන් කිරීමටද ආයතනය පොළඹවමින් 40% ක ඉතා සතුටුදායක වැටුප් වැඩිවීමක් ලබාදීමට පියවර ගත්හ.
එහිදී ගිවිසගත් එකඟතාවය:
රටේ මෙවැනි තත්වයක් හමුවේ අත්සන් කෙරුනු මෙම සාමූහික ගිවිසුම ඇමරිකන් එෆර්ඩ් ආයතනය අප වෘත්තීය සමිතියේ ඉතිහාසගත ජයග්‍රහණයක් බව සේවක මතයයි.