නිදහස් සේවක සංගමයේ මැදිහත්වීමෙන් වොලන්කා ආයතන‍යේ යෝජිත අමානුෂික වැටුප් කප්පාදුව සහ ඉලක්ක එම ආයතනය විසින් හකුලා ගනී

PM-minister_1
ගරු අගමැතිතුමන්හට ඉදිරිපත් කළ පෞද්ගලික අංශයේ රාජකාරී වේලාවන් වෙනස් කිරීම සඳහා ඉදිරිපත් වී ඇති යෝජනාව
July 3, 2020
slnss_icon
කොයිඩ් 19 වසංගත තත්වය හමුවේ නිදහස් සේවක සංගමය දෙපාර්ශවයටම එකඟවිය හැකි ගිවිසුමකට එළඹෙයි
August 14, 2020

නිදහස් සේවක සංගමයේ මැදිහත්වීමෙන් වොලන්කා ආයතන‍යේ යෝජිත අමානුෂික වැටුප් කප්පාදුව සහ ඉලක්ක එම ආයතනය විසින් හකුලා ගනී

නිදහස් සේවක සංගමයේ මැදිහත්වීමෙන් වොලන්කා ආයතන‍යේ යෝජිත අමානුෂික වැටුප් කප්පාදුව සහ ඉලක්ක එම ආයතනය විසින්  හකුලා ගනී

රට තුල මේවන විට පැන නැගී ඇති කොරෝනා වෛරස ව්‍යසනයට මුවා වෙමින් නාත්තන්ඩිය වොලන්කා ආයතනය විසින් දැඩි සේවක වැටුප් කප්පාදුවකට සහ ලාවිය නොහැකි වැඩ ඉලක්ක ප්‍රමාණයක් පැවරීම සහා සේවකයින්ට යෝජනා ඉදිරිපත්  කරන ලදී.

මෙම ආයතනය හේලීස් සමූහ ව්‍යාපාරය යටතේ පාලනය වන අපනයනය සහා කොහු නිෂ්පාදන සහ කොහු බත් මිශ්‍රිත නිෂ්පාදන නිෂ්පාදනය කරන කර්මාන්ත ආයතනයකි. මෙහි නිෂ්පාදන අංශ 4ක යන්ත්‍ර වර්ග 10 ක් යටතේ සේවකයින් 150 ක් පමණ සේවය කරන අතර පුරා වසර පහක් මුළුල්ලේ ආයතනය විසින් කිසිදු වැටුප් වැඩිවීමක්ද කර නොමැත. තවද දෛනික වැටුප වන රුපියල් 1400/=ක මුදල රුපියල් 900/= කට පහත හෙලන්නට කළමණාකාරිත්වය උත්සාහ ගත් අතර මෙම අමානුෂික ක්‍රියාදාමයට එරෙහිව නැගී සිටි ‍ සේවකයෝ 2020 අප්‍රේල් මස 16 වන දින අඛණ්ඩ උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කළහ.

2020 වර්ෂයේ මැයි මස 18, 26 සහ 29 යන දිනවල කුලියාපිටිය කම්කරු කාර්ය්‍යාලය ඉදිරිපිටද ඔව්හු උද්ඝෝෂණය කළහ. මෙහිදී ශ්‍රී ලංකා නිදහස් සේවක මව් සංගමය මෙම ප්‍රශ්ණය නිරාකරණය කිරීමට මැදිහත්වීමෙන් දින පහලොවකට පසු කුලියාපිටිය කම්කරු කාර්ය්‍යාල‍යේ නියෝජ්‍ය කම්කරු කොමසාරිස්ගේ මුලිකත්වයෙන් කාර්මික ආරවුල් පණතේ 131 වැනි අධිකාරිය යටතේ 12‍්:1 වගන්තිය ප්‍රකාර  සේවක ඉල්ලීම් ජයගත් ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය එහිදී ආයතනය ඉදිරිපත් කළ යෝජනාවලට වඩා 50% කින් ඉදිරියෙන් සිටිමින් සේවක වැටුප් දිනා ගැනීමටත් දවසේ නිම කළ යුතුව තිබු වැඩ කොටස් 25% කින් අඩුකර ගැනීමටත් සමත්වුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *